Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කොළඹ කොටස් වෙළෙඳපොළේ “සියලු කොටස් මිල දර්ශකය” ඉතිහාසයේ තනි දිනක් තුළ දැවැන්ත ම කඩා වැටීම ඊයේ (02) වාර්තා වුයේ බලධාරීන් විසින් නිකුත් කළ වැරදි චක්‍රලේඛයක් නිසා බව වාර්තා වනවා.

ඒ අනුව ඊයේ දින ඒකක 561.5කින් සියලු කොටස් මිල දර්ශකය පහළ ගොස් තිබෙනවා.

දිනය නිමාවන විට සියලු කොටස් මිල දර්ශකය සටහන් වූයේ 8,005.31ක් ලෙසයයි.

S & P SL20 මිල දර්ශකය 5%කට වැඩියෙන් පහළ බැසීම මත ඊයේ දිනය තුළ දෙවතාවක්ම කොළඹ කොටස් වෙළඳපොලේ ගනුදෙනු අත්හිටුවීමට ද සිදු වුණා.

ගනුදෙනු අවසානයේදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 561.75කින් පහළ ගොස් තිබූ අතර එක් දිනක් තුළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 500කින් පහළ වැටුණු පළමු අවස්ථාව ද වෙයි.

එක්ස්පෝ ලංකා,LOLC , බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්,පිරමල් ග්ලාස් යන ආයතනවල ණය නොදෙන ලෙස තැරැව්කාර සමාගම්වලට උපදෙස් දෙමින් මෙම චක්‍රලේඛය නිකුත් කර තිබුණා.

එම සමාගම්වල කොටස් මිල පසුගිය කාලයේ විශාල වශයෙන් ඉහළ යාම නිසා නිලධාරීන් තිදෙනෙක්ගේ උවමනාවට මෙම චක්‍රලේඛය නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

විදෙස් රටවලින් භාණ්ඩ ආනයනය සීමා කිරීමත් සමග මෙම ආයතන විශාල ලාභයක් ලැබූවා.

මෙරටට වාහන සහ වෙනත් භාණ්ඩ විකිණීම සඳහා ආනයනය කළ ව්‍යාපාරිකයන්ද අදාළ සමාගම්වල කොටස් මිලට ගැනීම කර ඇති අතර ස්ථාවර තැන්පතුවල පොලී අඩු කිරීම නිසා තැන්පතුකරුවන් ද විශාල වශයෙන් බැංකු තැන්පතු යළි ලබාගෙන කොටස් වෙළඳපොලේ මෙම ආයතනවල තැන්පත් කර තිබෙනවා.

මෙරටට ගුවනින් භාණ්ඩ ප්‍රවාහනය කරන එක්ස්පෝ ලංකා සමාගමේ රුපියල් 3ක් ලෙස පැවතුණු කොටසක අගය ඒ අනුව රුපියල් 65 දක්වා ඉහළ ගියා.

එම සමාගම කොවිඩ් සමයේ අධික ලාභයක් ඒ අනුව ලබා තිබෙනවා.

2019 පළමු කාර්තුවේ මිලියන 290 කට ආසන්න වූ වූ එම සමාගමේ ලාභය, කොවිඩ් ඇරඹුණු 2020 පළමු කාර්තුවේ බිලියන 1.4 දක්වා ඉහළ ගොස් තිබුණා.

2020 දෙවන කාර්තුව වන විට රුපියල් බිලියන 4.4 ක පමණ ලාභයක් ඔවුන් ලැබූ අතර එම වසරේ තෙවන කාර්තුව වන විට ඔවුන් බිලියන 4.5ක පමන ලාභයක් ලබා ගත්තා.

තමන් විසින් ඉදිරිපත් කළ චක්‍රලේඛය අත්හිටුවීමට පසුගිය අඟහරුවාදා බලධාරීන් කටයුතු කර තිබුන ද ඒ වන විටත් සියල්ල සිදුවී අවසන්ව තිබු අතර ඊයේ කොටස් වෙළඳපොල හාන්සි කරමින්ම එහි විපාක අත්විඳීමට සිදු වුණා.

2011 සිට 2020 දක්වාම දිගින් දිගටම කඩා වැටුනු කොළඹ කොටස් වෙළෙඳපොළ මහත් පරිශ්‍රමයකින් ඉහළ ට පැමිණි අතර එය නියාමනය කරනු ලබන බලධාරීන්ගේ
අත්තනෝමතික ක්‍රියා හේතුවෙන් පහළ වැටේ නම් මුදල් අමාත්‍යංශය මේ පිළිබඳව පරීක්ෂණයක් කර අදාල පුද්ගලයන්ට දඩුවම් දිය යුතුයි.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *