දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් රතු නිවේදනයක් නිකුත් කර තිබේ.
වයඹ, බස්නාහිර, සබරගමුව සහ උතුරු පළාත් සහ නුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක සඳහා මි.මී 150 ඉක්මවු තද වැසි ඇති විය හැකි බව එම නිවේදනයේ දැක්වේ.
එම ප්‍රදේශවල වැසි තත්ත්වය තවදුරටත් වර්ධනය විය හැකි බව ද එම නිවේදනයේ සඳහන් ය.

අධික වර්ෂාපතනය හේතුවෙන් කුකුළේ ගඟ හා කුඩා ගඟේ ජල මට්ටම ඉහළ ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
අධික වර්ෂාවත් සමග සුළු ගංවතුර අවදානමක් පවතින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ එස්.පී.සී. සුගීෂ්වර මහතා පැවසුවේ.
මේ නිසා පහත් බිම්වල ජනතාව ඒ පිළිබඳව අවදානයෙන් පසුවන ලෙස ද වාරිමාර්ග දෙපාර්තමේන්තු වැඩිදුරටත් සඳහන් කළා.
