ඉදිරි දින කිහිපයේදී මෙරට කොවිඩ් ආසාදිතයන් ගණන සීග්‍රයෙන් ඉහළ යාමට ඉඩ ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
ඔවුන් පෙන්වා දෙන්නේ මරණ ගණන ද ඉහළ යනු ඇති බවයි.

ඊයේ දිනයේ දී මෙරටින් කොවිඩ් ආසාදිතයින් 618ක් හඳුනාගත් අතර ඉන් වැඩිම පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇතැයි කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.
එම පිරිස 241ක් වන අතර, කළුතරින් ආසාදිතයින් 120ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 99ක් හා ආසාදිතයින් 158 දෙනා සෙසු දිස්ත්‍රික්කවලින් වාර්තා වී තිබෙනවා.
කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිතයින් පිරිසක් ලෙස 31 දෙනෙක් බොරැල්ලෙන් වාර්තා වී තිබෙනවා.
මේ අතර, ග්‍රෑන්ඩ්පාස් 30ක්, කොම්පඤ්ඤවීදියෙන් 28ක්, වැල්ලවත්තෙන් 27ක්, මට්ටක්කුලියෙන් 23ක්, මරදානේ 17ක්, බ්ලූමැන්ඩල් 16ක්, දෙමටගොඩ 8ක්, වැල්ලම්පිටියෙන් හා දෙහිවලින් 5ක්, රත්මලාන, මොරටුව, කොල්ලුපිටිය හා කිරුළපනින් ආසාදිතයින් 4 බැගින් ද , අලුත්කඩේ, අඟුලානෙන් හා හංවැල්ලෙන් ආසාදිතයින් තිදෙනා බැගින් ද , පුවක්පිටිය, ගල්කිස්ස, කළුබෝවිල හා ගොතටුවෙන් ආසාදිතයින් දෙදෙනා බැගින් ද, කුරුදුවත්ත, අතුරුගිරිය, හඳපාන්ගොඩ, කොස්ගම, නාවල, රද්දොළුගම හා රාජගිරියෙන් එක් ආසාදිතයා බැගින් ද වාර්තා වී තිබෙනවා.
ගම්පහ දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිතයින් මහර ප්‍රදේශයෙන් වාර්තා වී තිබුණා.
ඒ ආසාදිතයින් 44ක් ලෙසය. මීට අමතරව වේයන්ගොඩ ප්‍රදේශයෙන් ආසාදිතයින් 29 දෙනෙක් ද වාර්තා වී තිබෙනවා.
මේ වන විට මෙරට සමස්ත ආසාදිතයින් ගණන 36,667ක් වන අතර සුවය ලැබු සමස්තය 27,552කි.
කොවිඩ් මරණ 171ක් ලෙස වාර්තා වනවා.
ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිත මරණ 6ක් ඊයේ (19) දිනයේ ද වාර්තාවී තිබෙනවා.
මියගොස් ඇත්තේ කාන්තාවන් තුන්දෙනෙක් සහ පිරිමි පුද්ගලයන් තුන්දෙනෙක්.
එක් කාන්තාවක් කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර වයස අවුරුදු 39ක්.
ඇය කොළඹ ජාතික රෝහලේ සිට කොවිඩ් ආසාදිතයෙකු බවට හඳුනා ගැනීමෙන් පසු අයි.ඩී.එච් රෝහල වෙත මාරු කර යවා තිබුණා.
එහිදී අද ඇය මියගොස් ඇති අතර මරණයට හේතුව ලෙසට දැක්වෙන්නේ ලේ විෂ වීම, බහු ඉන්ද්රිය අක්‍රිය වීම සහ කොවිඩ් නිව්මෝනියාවයි.
මියගිය අනෙක් කාන්තාව කිරිවත්තුඩුව ප්‍රදේශයේ පදිංචි 88 හැවිරිදි අයෙක්.
ඇය ඊයේ (18) නිවසේදී මියගොස් තිබෙනවා.
මරණයට හේතුව ලෙසට දැක්වෙන්නේ අධි රුධිර පීඩනය නිසා ඇතිවූ හෘදයාබාධයක් හා කොවිඩ් 19 හේතුවෙන් ඇතිවූ පපුවේ ආසාදනයක්.
බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචිව සිටි 83 හැවිරිදි කාන්තාවක් ද මියගොස් තිබෙනවා.
ඇය ද ඊයේ (18) නිවසේදීයි මරණයට පත්වී ඇත්තේ.
මරණයට හේතුව ලෙසට දැක්වෙන්නේ අධි රුධිර පීඩනය හේතුවෙන් ඇතිවූ හෘදයාබාධයක් හා කොවිඩ් 19 හේතුවෙන් ඇතිවූ පපුවේ ආසාදනයක්.
මේ අතර වීරගුල ප්‍රදේශයේ පදිංචි 68 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් ද මියගොස් තිබෙනවා.
වතුපිටිවල මූලික රෝහලට ඇතුලත් කරන අවස්ථාවේදී ඊයේ (18) මියගොස් තිබෙනවා.
කොවිඩ් 19 හේතුවෙන් ඇතිවූ පපුවේ ආසාදනයකුයි ඔහුගේ මරණයට හේතුව ලෙසට දක්වා ඇත්තේ.
කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි අවුරුදු 77ක අයෙක් ද මරණයට පත්වුනා.
කොළඹ ජාතික රෝහලට ඇතුලත් කරන අවස්ථාවේ පසුගිය 17 වනදා මියගොස් ඇති අතර මරණයට හේතුව වී ඇත්තේ අධි රුධිර පීඩනය දියවැඩියාව සහ කොවිඩ් නිව්මෝනියාවයි.
මේ අතර කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි අවුරුදු 76ක පිරිමි අයෙක් ද කොළඹ ජාතික රෝහලට ඇතුලත් කරන අවස්ථාවේදී පසුගිය 17 වනදා මියගොස් තිබෙනවා.
ඔහුගේ මරණයට හේතුව ලෙසට දක්වා ඇත්තේ කොවිඩ් 19 නිව්මෝනියාවයි.