දිවයිනට නැගෙනහිර දෙසින් පවතින අඩුපීඩන කලාපය ඉදිරි පැය 06ක කාලය තුළ පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
එය ඉදිරි පැය 30ක කාලය තුළ දී සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීමේ වැඩි හැකියාවක් පවතින බවයි ඔවුන් අනතුරු අඟවන්නේ.
මෙම පද්ධතිය වයඹ දෙසට ගමන් කරමින් හෙට (24) දිනය වන විට දිවයිනේ ඊසානදිග වෙරළබඩ වෙත ළඟා වෙනු ඇත.
නැගෙනහිර, උතුරු සහ උතුරු මැද පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේවිය හැකියි.
ඇතැම් ප්‍රදේශවලට මි.මී 150ට වැඩි තද වැසි ඇති වීමේ හැකියාවද පවතිනවා.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති හැකියි.
නැගෙනහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව ද එම දෙපාර්තමේන්තුව පවසනවා.
නැගෙනහිර, උතුරු සහ උතුරු මැද පළාත්වලත් විටින් විට පැ.කි.මී (60 – 70) පමණ වන ඉතා තද ප්‍රහාරාත්මක සුළං ඇති වෙන බවත් සෙසු ප්‍රදේශවල පැ.කි.මී 40-50ත් පමණ තද සුළං ඇති වෙන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.


