Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කොවිඩ් රෝගීන් වාර්තා වීමේ දැනට පවතින ප්‍රවණතාව, ඉදිරි සති කිහිපය තුළ ද මේ ආකාරයෙන් පැවතුණහොත් රට තුළ දැඩි අර්බුදකාරී තත්ත්වයක් මතු වනු ඇතැයි සෞඛ්‍ය අංශ රජයට පෙන්වා දී ඇත.

ශ්‍රී ලංකාව තුළ කොවිඩ් ආසාදිතයන් දෙදහසකට අධික පිරිසක් මේ වන විට වාර්තා වන අතර එය ඉදිරි සති කිහිපය තුළ තවදුරටත් වර්ධනය වුවහොත් රෝගීන් විසිපන්දහසකට ,තිස් දහසකට පමණ පිරිසකට ප්‍රතිකාර කිරීමට සෞඛ්‍ය අංශ වලට සිදුවනු ඇතැයි ද සෞඛ්‍ය අංශ අනතුරු රඳවා ඇතැයි වාර්තා වේ.

කොවිඩ් තෙවැනි රැල්ල රට තුළ වේගයෙන් පැතිර යන සහ ඉක්මනින් බෝ වන ප්‍රභේදයක් බව ත්,රෝගීන් බොහෝ දෙනකු අසාධ්‍ය තත්ත්වයට පත්වී ඔක්සිජන් ආධාරක සැපයුම් මත රදා පවතින තත්ත්වයක් උද්ගත වී ඇති බවත් සෞඛ්‍ය අංශ රජයට පෙන්වා දී ඇත.

රෝගීන් සංඛ්‍යාව ඉදිරියේදී තවදුරටත් වැඩි වුවහොත් වාර්තාවන රෝගීන්ගෙන් 2500 සිට 3000 දක්වා පිරිසක් මධ්‍යම ප්‍රමාණයේ රෝග ලක්ෂණ පෙන්නුම් කරනු ඇති බවත්, රෝගීන් 900 – 1000 අතර පිරිසක් අසාධ්‍ය තත්ත්වයට පත් වනු ඇතැයි අනුමාන කළ හැකි බවත් සෞඛ්‍ය අංශ පෙන්වා දී ඇත.

මේ තත්ත්වය සැලකිල්ලට ගනිමින් අසාධ්‍ය රෝගීන් ට ප්‍රතිකාර කළ හැකි අධි සත්කාර ඒකක පළාත් මට්ටමින් ස්ථාපිත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කොට ඇත. එම එක් අධි සත්කාර ඒකකයක රෝගීන් සිය දෙනකුට ප්‍රතිකාර කිරීමට පහසුකම් සකස් කරනු ඇත.

දිස්ත්‍රික් 25 තෝරා ගත් රෝහල් විසිපහක මෙම අධි සත්කාර ඒකක ඉදිරි සති දෙක තුළ ස්ථාපිත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර ඇත.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *