Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ඉදිරි සති දෙක තුළ මෙරට කොරෝනා ආසාදිතයින් සහ මරණ සංඛ්‍යාව තවදුරටත් වැඩිවීමට ඉඩ ඇති බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

දැනට ඇති දත්ත විද්‍යානුකූලව විමර්ශනයේදී මේ තොරතුරු හෙළි වී ඇතැයිද ඒ මහතා පැවසීය.

මෙරට ආසාදිතයන් සහ මරණ වල වැඩි වීමක් දක්නට ඇති නිසා පවතින තත්ත්වය පිළිබඳව අවධානය යොමුකර වගකීමෙන් කටයුතු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ඔහු කීය.

මේ අතර ඊයේ දින කොරෝනා ආසාදිත මරණ 98 ක් හඳුනා ගැනීමත් සමග මෙරට කොරෝනා ආසාදිත සමස්ත මරණ ගණන අවාසනාවන්ත ලෙස 5000 ඉක්මවා තිබේ.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *