Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ශ්‍රී ලංකා රජය ඉන්දියානු සංචිත බැංකුවෙන් ඩොලර් මිලියන 400 ක ණයක් ඉල්ලා ඇති බව වාර්තා වේ.

මෙරට ද්‍රවශීලතා කළමනාකරණය සඳහා මෙම ණය ඉල්ලීම සිදු කර ඇත.

ඊයේ (26) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී සම-කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් මේ බව සනාථ කරන ලදී. ඉතා අවම පොලී අනුපාතයකට, කෙටි කාලීන ණයක් ලෙස මෙය ලබා ගන්නා බව අමාත්‍ය වරයා කියා සිටියි.

ඒ අනුව, ශ්‍රී ලංකාව ඩොලර් මිලියන 400 ක් වටිනා මුදල් ඒකක හුවමාරුවක් සඳහා ඉන්දියානු සංචිත බැංකුව සමඟ ගිවිසුමකට එළඹෙනු ඇත. මේ සඳහා මුදල් අමාත්‍යවරයා වශයෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

විදේශීය සංචිත ඉහළ නැංවීම සහ කෝවිඩ් -19 වසංගතයෙන් දැඩි ලෙස පීඩාවට පත්ව ඇති රටේ මූල්‍ය ස්ථාවරත්වය සහතික කිරීම ද මේ හරහා බලාපොරොත්තු වේ.

Leave a Reply

Your email address will not be published.