Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

Road Safety World Series ප්‍රවීණයන්ගේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අද රාත්‍රියේදී පැවැත්වේ.

ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7ට ඇරඹෙන මෙම තරගය පැවැත්වෙන්නේ, මුම්බායිහිදීය.

India Legends vs Sri Lanka Legends 3rd Match Prediction

ශ්‍රී ලංකා Legends කණ්ඩායම තිලකරත්න ඩිල්ෂාන් විසින් මෙහෙයවනු ලබන අතර සනත් ජයසූරිය, නුවන් කුලසේකර, රංගන හේරත් ඇතුළු ප්‍රවීණ ක්‍රීඩකයින් රැසක් මෙම තරගයට සහභාගි වනු ඇත.

ඉන්දීය කණ්ඩායමේ නායකත්වය දරනුයේ, සචින් ටෙන්ඩුල්කාර්ය. ඔහු සමග විරේන්ද්‍ර ෂෙවාග්, සහීර් ඛාන්, ඉර්ෆාන් පතාන්, යුව්රාජ් සිං ඇතුළු ප්‍රවීණ ක්‍රීඩකයින් රැසක් සහභාගි වෙති.

ඉන්දීය කණ්ඩායම, බටහිර ඉන්දීය කොදෙව් ප්‍රවීණයන් පරාජය කරමින් අවසන් තරගයට සුදුසුකම් ලැබූ අතර ශ්‍රී ලංකා කණ්ඩායම, දකුණු අප්‍රිකානු කණ්ඩායම පරාජය කරමින් අවසන් තරගයට සුදුසුකම් ලැබීය.

මේ අතර තරඟාවලියේ වැඩිම ලකුණු ලාබින් අතර පළමු ස්ථානයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ටී. එම් ඩිල්ශාන් පසුවන අතර, තෙවන ස්ථානයේ උපුල් තරංග පසුවනවා. ඉන්දියාවේ විරෙන්දර් ෂෙවාග් සහ සචින් තෙන්ඩුල්කාර් පිලිවෙලින් සිව්වන සහ පස්වන ස්ථාන ලබා තිබෙනවා.

වැඩිම කඩුලු දවාගත් පන්දු යවන්නන් අතර පළමු ස්ථානය කඩුලු 12ක් දවාගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ටී. එම් ඩිල්ශාන් පසුවන අතර, ඉන්දියානු කණ්ඩායමේ මුනාෆ් පටෙල් තෙවන ස්ථානයේත්, ශ්‍රී ලංකා කණ්ඩායමේ නුවන් කුලසේකර පස්වන ස්ථානයේත් පසු වනවා. නුවන් කුලසේකර දකුණු අප්‍රිකාව සමඟ පැවති අවසන් පුර්ව තරඟයේ විශිෂ්ට පන්දු යැවීමක් වාර්තා කරමින් දවාගත් කඩුලු පහ තරඟාවලියේ එක් තරඟයකදී පන්දු යවන්නකු විසින් වාර්තා කල හොඳම පන්දු යැවීම ලෙස සටහන් වනවා.

Image

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *