Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ඉන්දියානු ගුවන් හමුදාවට අයත් යානා 24 ක් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

ඉන් යානා 14ක් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 70 වන සංවත්සරයේ ගුවන් සංදර්ශන සඳහා එක්වීමට නියමිත අතර ඉතිරි යානා සංදර්ශනයේ නිරත යානා සඳහා පහසුකම් සැපයීමට පැමිණ ඇති බවයි ගුවන් හමුදාව සඳහන් කළේ.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 70 වැනි සංවත්සරය වෙනුවෙන් වූ ගුවන් සංදර්ශනයේ පෙරහුරුවක් ඊයේ (28) සහ අද (01) ගාලු මුවදොර අභියස දී පැවැත්වුණා.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 70 වැනි සංවත්සරය වෙනුවෙන් මාර්තු මස 3,4 සහ 5 යන තෙදින ගුවන් හමුදා සංදර්ශනයක් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා.

එය පැවැත්වීමට නියමිතව ඇත්තේ, ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ඉන්දියානු ගුවන් හමුදාව ඒකාබද්ධවයි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 70 වැනි සංවත්සරයට සමගාමීව නිලධාරින් 467කට හා සෙසු නිලයන් 7290කට උසස්වීම් ලබාදීමට නියමිතයි.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි පුවත්