Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ඉන්දියාව සමග පැවැත්වීමට නියමිත තරග 2කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය අද(25) නිවේදනය කෙරුණා.

දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 18 දෙනෙකු ඇතුළත් බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

කෙසේ වෙතත්, ආබාධයකට ලක්ව සිටින රමේෂ් මෙන්ඩිස්ට මෙම ටෙස්ට් තරගාවලිය අහිමි වී තිබෙනවා.

ආබාධයකට ලක් වූ කුසල් මෙන්ඩිස් සුදුසු ශාරීරික යෝග්‍යතාවයකින් පසුවුවහොත් පමණක් තරගාවලියට එක්වීමට නියමිතයි.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි ටෙස්ට් තරගාවලිය පෞද්ගලික හේතුවක් මත ක්‍රීඩා නොකළ ලහිරු තිරිමාන්න යළි සංචිතයට කැදවීමටයි පියවර ගෙන ඇත්තේ. ඇන්ජෙලෝ මැතිව්ස් ද සංචිතයේ ස්ථානයක් හිමි කර ගෙන සිටින අතර, නිරෝෂන් දික්වැල්ල ද ටෙස්ට් සංචිතයට කැදවා තිබෙනවා.

ජෙෆ්රි වැන්ඩර්සේ පළමු වරට ටෙස්ට් සංචිතයට නම් කර තිබීම ද විශේෂත්වයක්.

මේ අතර, ධනංජය ද සිල්වා හා නිරෝෂන් දික්වැල්ල ඉන්දියාවට එරෙහි T20 සංචිතය සදහා ද නම් කර තිබෙනවා. ඔවුන් අවසන් තරග

ඒ, ආබාධයකට ලක් වූ මහීෂ් තීක්ෂණ හා කුසල් මෙන්ඩිස් වෙනුවටයි. ඔස්ට්‍රේලියාව සමග පැවැති 5 වැනි 20යි 20 තරගයේ දී යි ඔවුන් දෙදෙනා ආබාධවලට ලක් වුණේ. මහීෂ් තීක්ෂණ යළි ශ්‍රී ලංකාවට පැමිණෙන බවත්, වනිදු හසරංග ද ඔස්ට්‍රේලියාවේ සිට යළි මෙරටට පැමිණෙන බවත් ක්‍රිකට් ආයතනය සදහන් කළා.

Test Squad

01) Dimuth Karunaratne – Captain
02) Pathum Nissanka
03) Lahiru Thirimanne
04) Dhananjaya de Silva – Vice-Captain
05) Kusal Mendis – subject to fitness
06) Angelo Mathews
07) Dinesh Chandimal
08) Charith Asalanka
09) Niroshan Dickwella
10) Chamika Karunaratne
11) Ramesh Mendis – will not take part due to an injury
12) Lahiru Kumara
13) Suranga Lakmal
14) Dushmantha Chameera
15) Vishwa Fernando
16) Jeffrey Vandersay
17) Praveen Jayawickrema
18) Lasith Embuldeniya

Leave a Reply

Your email address will not be published.