Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ඉන්දියාවේ කොරෝනා මළ සිරුරු ආදාහනය සම්බන්ධ මේ වනවිට බරපතල අර්බුද පැනනැගී ඇත. මළ සිරුරු අධික වීම නිසා ඒවාට අවසන් කටයුතු කළ නොහැකිව අදාහානාගාරවල ධාරිතාව ඉක්මවා යාම පිළිබඳව පුවත් නිතර ඉන්දියාවෙන් අසන්නට ලැබෙයි.

මෙම තත්වය මත මළ සිරුරු රැසක් යමුනා නදියේ පාවෙමින් තිබියදී හමුව ඇතැයි හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත වාර්තා කරනවා.

කෙසේ වෙතත් හින්දු චාරිත්‍ර අනුව මළ සිරුරු කොටස් හෝ අළු ගංගාවලට යොමු කරන සිරිතක් ද එරට තිබේ.

“මෝක්ෂද කලින්දි” යනුවෙන් එය හැදින්වේ. සාමාන්‍යයෙන් මළසිරුරක් යමුනා නදියේ ගලායාම එතරම් පුදුම සහගත ඉන්දියාවේ සාමාන්‍ය තත්වයක් වුවත්, මළසිරුරු දුසිමක් පමණ තත්වයක් දක්වා පාවෙන්නට වීම මේවන විට ඉන්දියාව මුහුණදී තිබෙන බරපතල තත්වය පෙන්නුම් කරන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මෙම සිරුරු උත්තර් ප්‍රදේශ්හි, හමීර්පූර් සහ කාන්පූර් යන දිස්ත්‍රික්ක වලින් ගංගාවට දමා ඇතැයි හඳුනාගෙන තිබේ. පොලිසිය පැවසූවේ, මෙයට කාන්පූර් ජනයා වගකිව යුතු බවයි.

යමුනා නදියේ පාවුණු එක් මළ සිරුරක් අඩක් පිළිස්සී ඇති අතර, අනෙක්වා අවමංගල්‍යයකදී මිය ගිය තැනැත්‍තාට අන්දවා තබන වස්ත්‍ර අනුව සරසා තිබූ බව පැවසේ.
යමුනා නදිය ශූද්ධවූ ගංගාවක් ලෙස සලකා, මිය ගිය පසු මළසිරුර නදිය බාරගන්නා බව සිතා සිරුරු පාකර ඇති බවද කියැවේ.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *