Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

අදානි සමාගම් සමූහයට විරුද්ධව මෙසේ ඉන්දීය ගොවියන් විරෝධතා වල නිරතවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.ශ්‍රී ලංකාවේ නැගෙනහිර පර්යන්තයේ ආයෝජන කටයුතු ද සිදු කරනු ලබන්නේ මෙම සමාගම විසිනි.තමන්ගේ කෘෂි නිෂ්පාදන සූරාකෑමට සහ ඉඩම් අත්පත් කරගැනීමේ නීති අකුලා ගන්නා ලෙස බලකරමින් ගොවීන් මෙසේ විරෝධතාවල නිරත වේ.

මෙම පිරිස මෙලෙස විරෝධතාවයේ නිරත වන්නේ 28 වැනි දිනටයි.

මෙ වනවිට ගොවීන් 40 කට අධික පිරිසක් මියගොස් ඇතැයි ද වාර්තාවල සඳහන් ය.

කොංග්‍රස් නායක රාහුල් ගාන්දි මහතා ද මෙම විරෝධතාවයේ නිරත පිරිසට පක්ෂව ඉදිරිපත් විය.

මේ අතර අමෙරිකානු නීති සම්පාදකයින් 7 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ වෙත ලිපියක් යවමින් ඉන්දියාවේ පවතින නොසන්සුන්තාව පිළිබඳ බරපතල කනස්සල්ල ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *