මන්කිපොක්ස් වෛරසයට සම්බන්ධ පළමු මරණය ඉන්දියාව විසින් වාර්තා කර තිබෙනවා.
ඒ අනුව පසුගිය සෙනසුරාදා දින කේරළයේ ත්‍රිසූර් දිස්ත්‍රික්කයේ, පුන්නයූර් ප්‍රදේශයේ පුද්ගලයෙකු මියයාම ඉන්දියාවේ මන්කිපොක්ස් වෛරසයට ගොදුරු වූ පළමු අවස්ථාව ලෙස වාර්තා වනවා.
ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය වීනා ජෝර්ජ් පැවසුවේ 22 හැවිරිදි පුද්ගලයා වෙනත් රටක එම වෛරසය සඳහා ධනාත්මක බව පරීක්ෂා කර ඇති බවයි.
මෙම තරුණයා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පසුගිය ජූලි 22 වැනිදා කේරළයට පැමිණ තිබෙනවා.
ඉන්දියාවෙන් මේ දක්වා වාර්තා වූ මන්කිපොක්ස් වෛරසය සහිත රෝගීන් හතරෙන්, තුන් දෙනෙකුම කේරළ ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා.
පසුගිය සතියේ ප්‍රකාශයට පත් කරන ලද ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) නිල දත්තවලට අනුව, ජනවාරි 1 සිට ජූලි 22 දක්වා කාලය තුළ මන්කිපොක්ස් රෝගීන් 16,016 ක් පමණ තහවුරු වී තිබෙනවා.
කෙසේ වෙතත්, මෙම රෝගීන් රටවල් 75 ක් පුරා පැතිරී තිබුණද, දැනට වාර්තා වී ඇත්තේ මරණ පහක් පමණක් වීම විශේෂත්වයක් වනවා.
පසුගිය සිකුරාදා (29) ස්පාඤ්ඤය සහ බ්‍රසීලයෙන් අප්‍රිකාවෙන් පිටත පළමු මරණ වාර්තා වුණා.