Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ඉන්දියාවේ බෝපාල් නගරයේ ළමා රෝහලක හටගත් ගින්නකින් අලුත උපන් බිළිඳුන් 04 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වනවා.

තවත් බිළිඳුන් 36 දෙනෙකුගේ දිවි ගලවා ගැනීමට හැකිවූ බවයි ගිනි නිවීම් අංශ සඳහන් කලේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති නමුත් විදුලි කාන්දුවක් හේතුවෙන් ගින්න හටගන්නට ඇති බවට සැක පළකෙරෙනවා.

කෙසේ නමුත් සිද්ධිය සම්බන්ධයෙන් වහා විමර්ශනයක් ආරම්භ කරන ලෙසයි මධ්‍ය ප්‍රදේශ් ප්‍රධාන අමාත්‍යවරයා විසින් උපදෙස් දී ඇත්තේ.

එමෙන්ම මියගිය බිළිඳුන් වෙනුවෙන් ඉන්දීය රුපියල් ලක්ෂ 04 බැගින් වන්දි මුදල් ගෙවන ලෙසටද ප්‍රධාන අමාත්‍යවරයා නියෝග කර තිබෙනවා.

නියමිත ප්‍රමිතීන්ට ඉදිකර නොමැති වීම හේතුවෙන් රෝහල් තුළ හටගන්නා ගිනිගැනීම් ඉන්දියාවේ සුලභ කරුණක් වනවා.

Leave a Reply

Your email address will not be published.