Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ඉන්දියාවේ සිය 75 වන නිදහස් දින සැමරුම අද දිනට (15) යෙදී ඇත.

ජාතික නිදහස් උත්සව සැමරුම නවදිල්ලියේ පිහිටි ඓතිහාසික රතු බලකොටු පරිශ්‍රයේදී අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර සිං මෝදිගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ලදී.කොරෝනා ගෝලීය වසංගත තත්ත්වය හේතුවෙන් මෙම නිදහස් දින සැමරුම ජන සහභාගීත්වයෙන් තොරව පැවැත්වේ.

පසුගිය වසරේද කොරෝනා වසංගතය නිසා ජන සහභාගීත්වයෙන් තොරව නිදහස් උත්සව සැමරුම පවත්වන ලදී.

අග්‍රාමාත්‍යවරයා විසින් ඉන්දීය ජාතික ධජය එසවීමත් සමග ඉන්දීය ගුවන් හමුදාවේ එම්.අයි.17 හෙලිකොප්ටර් යානා මඟින් උත්සව භූමියට මල්පෙති ඉසින ලදී.

උත්සව සභාව අමතමින් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර සිං මෝදි ප්‍රකාශ කර සිටියේ ගෝලීය වසංගතයේදී ඉන්දීය විද්‍යාඥයින් ඉන්දියාව වෙනත් කිසිඳු රටක් හෝ කිසිවෙකු මත යැපීම වළක්වා ඇති බවයි.

තවද කෝටි 54ක් වූ ජනතාවට එන්නත්කරණය සිදු කරමින් ඉන්දියාව ලොව විශාලම කොරෝනා එන්නත්කරණය සිදු කළ බවද ඔහු සඳහන් කළේ ය.

මෙහිදී ඔලිම්පික් පදක්කම් දිනූ ඉන්දීය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ද සම්මාන පිරිනැමීම සිදු කරන ලදී.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *