Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

නයිජීරියාවේ, දකුණු අප්‍රිකාවේ, බ්‍රිතාන්‍යයේ ව්‍යාප්ත වන කොවිඩ් ප්‍රභේදත් මෙරටින් වාර්තා වෙයි – හමු වූ ප්‍රදේශ මෙන්න

නයිජීරියාවේ ව්‍යාප්ත වන B.1.525 වෛරස් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් බණ්ඩාරගම සහ කොළඹ දිස්ත්‍රික්කවලින් ලද වෛරස් සාම්පල්වල සිදුකළ ජානමය අනුක්‍රමණ මගීන් හඳුනා ගෙන තිබෙන බව වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසනවා.

ඒ අනුව කොළඹ පුද්ගලික රෝහලකින් ලද කොවිඩ් ආසාදිත පුද්ගලයෙකුගේ වෛරස් සාම්පලයක සිදුකළ ජානමය අනුක්‍රමණයක් මගින් දකුණු අප්‍රිකාවේ ව්‍යාප්ත වන B.1.351 වෛරස් ප්‍රභේදය ආසාදනය හඳුනා ගෙන තිබෙනවා.

මේ අතර බ්‍රිතාන්‍යයේ කෙන්ට් ප්‍රානත්යෙන් හමුවූ B.1.1.7 නම් කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ ආසාදිතයින් ද පහත ප්‍රදේශ වලින් ලැබුණු PCR සාම්පල් හරහා හඳුනාගත් බවයි වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවසුවේ.

කොළඹ දිස්ත්‍රික්කය : කොළඹ මහ නගර සභා බලප්‍රදේශය, හෝමාගම, බොරලැස්ගමුව ප්‍රදේශ වලින්

කුරුණෑගල : පොල්පිතිගම, කුලියාපිටිය, නිකවැරටිය, ගනේවත්ත, අඹන්පොළ, ගිරිඋල්ල, පන්නල සහ වාරියපොළ.

කළුතර : අගලවත්ත, පිඹුර, පානදුර සහ බණ්ඩාරගම.

මහනුවර : පඬුවස්නුවර, මහනුවර සහ හිඟුරක්ගොඩ.

පොළොන්නරුව: මැදිරිගිරිය සහ මන්නාරම නගර සභා සීමාව

මේ අතර ඉන්දියාවේ වේගයෙන් ව්‍යාප්ත වන කොරෝනා වෛරස ප්‍රභේදය මෙරටින් හඳුනාගෙන තිබේ. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කරන්නේ මෙරට ආසාදිත පුද්ගලයන්ට සිදු කරන ලද පරීක්ෂණ වලදී මෙම ප්‍රභේදය හඳුනාගත් බවයි.

කොළඹ නිරෝධායන මධ්‍යස්ථානයක ආසාදිතයෙකුගෙන් මෙම ප‍්‍රභේදය හදුනාගෙන තිබේ. ඉන්දියාව පුරා වේගයෙන් ව්‍යාප්ත වන්නේ B.1.617 වෛරස් ප්‍රභේදයයි

Sharing is caring!

1 Comment

  • Miss M. Karunarathne, 2021-05-08 @ 3:44 PM Reply

    Hingurakgoda and Panduwasnuwara don’t belong to Kandy district I think. Please ignore if it’s my mistake.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *