Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ඉන්දුනීසියාවේ, ජකර්තා නුවර පිහිටි ජාතික පොලිස් මූලස්ථානයට ඇතුළු වූ කාන්තාවකට ඉන්දුනීසියානු පොලිසිය වෙඩි තබා තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අද (මාර්තු 31) සවස 4.30 පමණ මෙම වෙඩි තැබීම සිදුවී ඇති බවත් අදාළ කාන්තාව ත්‍රස්ත ක්‍රියාවකට පැමිණ ඇති බවත් සඳහන් බවය.

නිල් පැහැති වේලයකින් සහ කළු පැහැති ඇඳුමකින් සැරසුණු පුද්ගලයෙකු ජකර්තා නුවර පිහිටි ජාතික පොලිස් මූලස්ථාන පරිශ්‍රයට ඇතුළු වන සහ එම අවස්ථාවේ වෙඩි තබන ශබ්ද ඇසෙන වීඩියෝවක් ඉන්දුනිසියානු මාධ්‍ය නිකුත් කර ඇත.

වෙඩි ශබ්ද ඇසීමත් සමග එම දර්ශනවල සිටින පුද්ගලයා බිම වැටෙන බවත් එම පුද්ගලයා ආයුධ සන්නද්ධව සිටියේ ද යන්න එකවර පැහැදිලි නොවූ බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් ඉන්දුනීසියානු පොලිසිය මෙතෙක් ප්‍රකාශයක් සිදු කර නොමැති අතර එරට මාධ්‍ය වාර්තා කළේ, මෙලෙස පොලිස් මූලස්ථානය වෙත ඇතුළු වී ඇත්තේ කාන්තාවක බවය.

එමෙන් ම එරට එක් නාලිකාවක් වාර්තා කර තිබුණේ, සිද්ධියෙන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බවත් වෙඩි හුවමාරුවක් සිදුවී ඇති බවත් ය.

ඉකුත් තල්අතු ඉරිදා ඉන්දුනීසියාවේ සුලවේසි දූපතේ කතෝලික දෙව් මැදුරකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට දින තුනකට පසුව මෙම සිද්ධිය සිදු විය.

එම ප්‍රහාරයෙන් අනතුරුව පුද්ගලයින් 13 දෙනෙකු පමණ එරට පොලිසියෙන් අත්අඩංගුවට ගනු ලැබීය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *