Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

අද (මැයි 14) ඉන්දියානු සාගරයේ උතුරු සුමාත්‍රාහි බටහිර වෙරළට ඔබ්බෙන් 15km ගැඹුරු මුහුදේ 6.7ක ප්‍රභලත්වයෙන් යුතු භූ චලනයක් සිදුව ඇති බව ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පවසයි.

කෙසේ වෙතත් ඉන් ශ්‍රී ලංකාවට බලපෑමක් නැතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ ය.

මෙරට වේලාවෙන් දහවල් 12.03 (0633UTC) ට පමණ සිදුව ඇති මෙම භූ චලනය උතුරු අක්ෂාංශ 0.05 සහ නැගෙනහිර දේශාංශ 96.6ක දී සිදුවී ඇති බව ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පැවසීය.

එම මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළේ, වෙරළබඩ ප්‍රදේශවල සහ ඒ ආසන්නයේ ජීවත්වන ජනතාවට මේ සම්බන්ධව නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳ අවධානයෙන් ඉන්නා ලෙස ය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *