අද උදෑසන ඉන්දුනීසියාවේ බටහිර සුමාත්‍රා දූපත් ආසන්න භූ කම්පනයක් සිදුව තිබේ.
එය රික්ටර් පරිමාණයේ දැක්වෙන්නේ 6.2ක අගයක් ලෙසටය.
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ මෙම භූ කම්පන තත්ත්වය සිංගප්පූරුවට සහ මැලේසියාවට ද දැනී ඇති බවය.
කෙසේ වෙතත් එම භූ කම්පනයෙන් ශ්‍රී ලංකාවට බලපෑමක් නොමැති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.
මේ අතර මෙම භූ කම්පනය හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.