Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

පවතින ඉන්ධන අර්බුදය හමුවේ ඇතැම් ඉන්ධන පිරවුම්හල් හිමියන් තම ඉන්ධන සැපයුම සීමා කර තිබේ.

ඒ අනුව වාහන හිමියන් සදහා සීමාවකට යටත් ඉන්ධන නිකුත් කරමින් සිටින බවයි වාර්තා වන්නේ.

ඇතැම් පිරවුම්හල්වල තොග අවසන්වී දින දෙක තුනක් ගතවී ඇතත් නැවත තොග ලැබී නැත.

මේ අතර නුවරඑලිය නගරයේ පිහිටි ඉන්ධන පිරවුම්හල් වල ඩිසල් ඉන්ධන හිගයක් ඇති විම හේතුවෙන් ඉන්ධන ලබාගැනිමට පැමිණි රථ වාහන රියදුරන්ට (21) දින පැය කිහිපයක් ඉන්ධන පිරවුම්හල් වල රැදි සිටිමට සිදු වී තිබේ.

ඉන්ධන පිරවුම්හල් වල ප්‍රමාණවත් තරම් ඩිසල් ඉන්ධන සංචිතයේ නොමැති නිසා එම ඉන්ධන පිරවුම්හල් වල සංචිතයේ තිබු ඉතා සිමිති ඩිසල් රථ වාහන වලට ලබාදිමට ඉන්ධන පිරවුම්හල් සේවකයින් පියවර ගැනිමත් සමග ඩිසල් හිගය මතු විය.

තම ඉන්ධන පිරවුම්හල් වලට අවශ්‍ය ඩිසල් තොග ඇණවුම් කර ඇතත් එම ඇණවුම් වලට අදාල ඩිසල් නොලැබිම නිසා මෙසේ ඉන්ධන පිරවුම්හල් ඉදිරිපිට වාහන හිමියන්ට පැය කිහිපයක් රැදි සිටිමට සිදු වි ඇති බවයි ඉන්ධන පිරවුම්හල් සේවකයින් කියා සිටින්නේ.

Leave a Reply

Your email address will not be published.