Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ඩීසල් මිල පහත දැමුවද බස් ගාස්තු අඩු නොවන බව ජාතික ගමනා ගමන කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය තිලාන් මිරැන්ඩා මහතා පැවසීය.

බස් ගාස්තු අඩු කිරීමට නම් ඩීසල් ලීටරයක මිල 4%ක් හෝ ඊට වැඩි ප්‍රතිශතයකින් අඩු විය යුතු බවත් රුපියල් 430 ක්ව පැවැති ඩීසල් ලීටරයක් රුපියල් 15 කින් අඩු කිරීම 4% කට අඩු ප්‍රතිශතයක් වීම නිසා බස් ගාස්තු අඩු කළ නොහැකි බවත් මිරැන්ඩා මහතා කීය. 

එමෙන්ම ත්‍රීරෝද රථ ගාස්තුවේ ද වෙනසක් සිදු කිරීමට හැකියාවක් නොමැති බව සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ සහ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සුදිල් ජයරුක් මහතා ප්‍රකාශ කළේය.

ගාස්තුවේ වෙනසක් සිදුකිරීමට අවශ්‍ය නම් ත්‍රීරෝද රථ සඳහා ලබා දෙන ඉන්ධන කෝටා ප්‍රමාණය වැඩි කළ යුතු බවත් ජයරුක් මහතා පැවසීය.

දැනට සතියකට ලබා දෙන පෙට්‍රල් ලීටර් 5 ක ප්‍රමාණය දෛනිකව ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලීමක් කරන බවත් ඔහු සඳහන් කළේය.

රජය ඉන්ධන මිල අඩු කළත් කලු කඩවලින් වැඩි මිලට පෙට්‍රල් මිල දී ගැනීමට සිදු වන බැවින් තෙල් මිල අඩු කිරීමෙන් තමන්ට ලාභයක් නොවන බවත් සභාපතිවරයා කීවේය.

තමන්ට ලබාදෙන ඉන්ධන කොටා ප්‍රමාණය වැඩි කරන්නේ නම් අනිවාර්යයෙන්ම ත්‍රීරෝද රථ ගාස්තු ප්‍රමාණය පහළ දැමීමට කටයුතු කරන බවත් ඔහු පැවැසීය.

මේ වන විට පළමු කිලෝමීටරය සඳහා රුපියල් 120 ක මුදලකුත් එතැන් සිට සෑම කිලෝමීටරයක් සඳහාම රුපියල් සියය බැගින් අය කරන බවත් ඔහු කීවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *