Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ඉන්ධන පිරවුම්හල්වලින් ඉන්ධන ලබා දීමේදී ලබාදෙන ඉන්ධන ප්‍රමාණයද සීමා කර ඇතැයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.

මේ අනුව මෝටර් සයිකලයක් සඳහා එක වරකදී උපරිම වශයෙන් ලබාදීමට තීරණය කර ඇත්තේ රුපියල් දහසක ඉන්ධන පමණි.

ත්‍රීරෝද රථයක් සඳහා රුපියල් 1500ක ඉන්ධන ලබා ගත හැකි වන අතර මෝටර් රථ, වෑන් සහ ජීප් රථ සඳහා රුපියල් 5000 ක ඉන්ධන එක් වරකදී ලබා ගත හැකිවේ.

එහෙත් බස්රථ ලොරි රථ සහ වෙනත් වෙළෙඳ වාහන සඳහා මෙම සීමාව බල නොපැවැත්වෙනු ඇත.

මේ අතර අවසර ලබාදී ඇති පාර්ශවයන්ට හැර වෙනත් පිරිස් සදහා බූලි සහ බැරල් වෙත පිරවුම් හල් මඟින් ඉන්ධන නිකුත් නොකරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසීය.

එහි සභාපති සුමිත් විජේසිංහ මහතා සදහන් කළේ ඉන්ධන හිඟයක් නිර්මාණය වීම වැළැක්වීම සහ විවිධ ජාවාරම් සිදුකිරිම පිළිබද අවධානය යොමු කරමින් මෙම පියවර ගත් බවය.

ඒ අනුව කර්මාන්ත කටයුතු සදහා බූලි සහ බැරල් වෙත ඉන්ධන ලබාගැනීමට අවශ්‍ය නම් අදාළ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයෙන් අවසර ලබාගත යුතුය.

මේ අතර කෘෂිකර්මාන්තයට අදාළ කටයුතු වෙනුවෙන් ඉන්ධන ලබාගැනීමේ අවසරය ගොවිජන සේවා නිළධාරීන්ගෙන් ලබාගත යුතු වෙයි.

Leave a Reply

Your email address will not be published.