Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ඉන්ධන සැපයුම කිසිදු බාධාවකින් තොරව සිදු කෙරෙන බව අමාත්‍ය කංචන විජේසේකර මහතා Twitter පණිවිඩයක් ඔස්සේ දන්වා තිබෙනවා.

දැනටමත් ගෙවා ඇති මෙහෙයුම් ගාස්තු සඳහා ලබා දී ඇති වට්ටම්වලින් 45%ක් අයකර ගැනීමට දරන උත්සාහයට විරෝධය පළ කරමින් ඛනිජ තෙල් බෙදාහරින්නන් හෙට (04) සිට ඉන්ධන බෙදා හැරීමේ සේවාවන්වලින් වැළකී සිටින බව ශ්‍රී ලංකා ඛනිජ තෙල් බෙදාහරින්නන්ගේ සංගමය පවසා ඇති මොහොතක ඊට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව පවසා ඇත්තේ.

ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ නොමග යවන සුළු පුවත් සහ ප්‍රකාශ සම්බන්ධයෙන් කලබල නොවන ලෙසය.

ඛනිජ තෙල් අමාත්‍යවරයා එසේ Twitter පණිවිඩයක් ඔස්සේ දන්වා තිබුන ද, ‘සිපෙට්කෝ’ පිරවුම්හල්වලින් පරිහණය ගාස්තු බද්ද අය නොකරන්නේ යැයි කළ පොරොන්දුව කඩ කරමින් ඛනිජ තෙල් සංස්ථාව එම බද්ද අය කිරීමට විරෝධය දක්වමින් අද (4) දිනය සඳහා වන සියලුම ඇනවුම් අවංගු කරන බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ සම ලේකම් කපිල නාඔටුන්න මහතා ඊයේ (3) පස්වරුවේ පැවසීය.

ඛනිජ තෙල් අමාත්‍යවරයා නිකුත් කල Twitter පණිවිඩය පහතින්,

Leave a Reply

Your email address will not be published. Required fields are marked *