ඉරානයේ බෝම්බ පියා යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන ඉරානය ජේෂ්ඨ න්‍යෂ්ටික විද්‍යාඥ, පර්යේෂණ සහ නවෝත්පාදන සංවිධානයේ ප්‍රධානී මොෂේන් ෆක්රිෂිඩ් ටෙහෙරාන් අගනුවර අසල දී ඝාතනය කර ඇති බව එරට ආරක්ෂක අමාත්‍යාංශය තහවුරු කර තිබේ.
දමාවාන්ඩ් ප්‍රාන්තයේ අබ්සාඩ් හි සිදු වූ ප්‍රහාරයකින් තුවාල ලැබූ ෆරික්ෂිඩ්, රෝහල්ගත කිරීමෙන් පසුව මිය ගොස් ඇත.

ඉරාන ප්රවෘත්ති ඒජන්සි කියා සිටියේ මෙම ප්‍රහාරය එල්ල කළ පිරිස් න්‍යෂ්ටික විද්‍යාඥයා ගමන් කළ මෝටර් රථය එල්ල කර ඇති බවයි. විද්‍යාඥයාගේ ආරක්ෂකයින් හා ප්‍රහාරකයින් අතර වෙඩි හුවමාරුවක් සිදුව ඇති අතර විද්‍යාඥයාගේ ආරක්ෂකයින් 6 දෙනකු මෙහි දී ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මොෂේන් ෆක්රිෂිඩ් ඉරානයේ න්‍යෂ්ටික හා මිසයිල වැඩසටහන් වල ප්‍රධානියා වශයෙන් කටයුතු කර ඇති බව බටහිර බුද්ධි අංශ සඳහන් කරයි.
ඉරානයේ විදේශ ඇමති මොහොමඩ් ජාවඩ් සරීෆ් මෙම ඝාතනය රාජ්‍ය ත්‍රස්ත ක්‍රියාවක් ලෙස දක්වා ඇති අතර ඊශ්‍රායලය මීට සහාය දක්වා ඇති බව ඔහු සිය ට්විටර් ගිණුමේ සඳහන් කර තිබේ.

පියුමිකා ලක්ෂාණි