අද (30) උදෑසන වන විට මෙරටින් නව කොරෝනා ආසාදිතයින් 460 දෙනෙකු හඳුනා ගැනීමත් සමග සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 42,063ක් දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඒ අතරින් පුද්ගලයින් 4 දෙනෙකු විදෙස්ගතව සිට මෙරටට පැමිණි පිරිස් අතරින් හඳුනා ගෙන ඇති බවත්, තවත් තිදෙනෙකු මෙරටට පැමිණි විදෙස් ජාතිකයින් අතරින් හඳුනා ගත් බවත් කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළා.
ඉතිරි ආසාදිතයින් 453 දෙනා දේශියව හඳුනාගත් ආසාදිතයින් වනවා.
ඔවුන් අතරින් වැඩිම පිරිස කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ 36කින් වාර්තා වී ඇති අතර ගම්පහ, මහනුවර සහ කළුතර යන දිස්ත්‍රික්කවලින් පිළිවෙළින් ආසාදිතයින් 52ක් , 38ක් සහ 5 ක් ලෙස වාර්තා වනවා.
අනෙක් ආසාදිතයින් දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින් වාර්තාවී තිබෙනවා.
ඒ අනුව ඊයේ දිනයේ ආසාදිතයින් හඳුනාගත් ප්‍රදේශ පහත පරිදි වනවා.
