ශ්‍රී ලංකාවෙන් ඊයේ වාර්තා වූ Covid-19 ආසාදිතයින් 628 දෙනා අතුරින් 402 දෙනෙකු හඳුනාගෙන ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බව Covid-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.
ඉන් 104 දෙනෙකු වැලිකඩ බන්ධනාගාරයෙන් වන අතර දෙමටගොඩ ප්‍රදේශයෙන් 52 දෙනෙකු වනවා.

කොළඹ මහ නගර සභාවේ සේවකයන් 49 ක්ද ඊයේ හඳුනාගත් Covid-19 ආසාදිතයින් අතරට අයත්.
මේ අනුව ඔක්තෝබර් 04 වනදා සිට මේ දක්වා කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති මුලු Covid-19 ආසාදිතයින් ගණන 10,542 ක්.
ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඊයේ ආසාදිතයින් 66 ක් හඳුනාගෙන ඇති අතර ඒ අනුව ඔක්තෝබර් 04 වනදා සිට මේ දක්වා එහි හඳුනාගෙන ඇති මුලු ආසාධිතයන් ගණන 6568 ක්.
රත්නපුරයෙන් 35 ක්ද, කලුතරින් 30 ක්ද, ගාල්ලෙන් 15 ක්ද, අම්පාරෙන් 14 ක්ද, කෑගල්ලෙන් 07 ක්ද ලෙස ඊයේ Covid-19 ආසාදිතයින් වාර්තා වී තිබුණා.
කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ආසාධිතයන් 04 ක්ද, අනුරාධපුර හා මාතර දිස්ත්‍රික්වලින් ආසාදිතයින් දෙදෙනා බැගින්ද වාර්තා වූ බව Covid-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කලා.
මහනුවර, නුවරඑළිය, මුලතිවු, මොණරාගල, මාතලේ හා යාපනය දිස්ත්‍රික්වලින් ඊයේ වාර්තා වී ඇත්තේ එක් ආසාදිතයා බැගිනුයි.
විදේශයන්හි සිට පැමිණි එක් අයෙකුද ප්‍රදේශය තහවුරු කර නොගත් ආසාදිතයින් 44 ක්ද ඊයේ මෙරටින් වාර්තා වූ ආසාදිතයින් අතර වනවා.
මේ අතර ඔක්තෝබර් 04 වනදායින් පසු ශ්‍රී ලංකාවෙන් වාර්තාවූ කොවිඞ් මරණ 116 අතුරින් 78 ක් එනම් සියයට 67.24 ක ප්‍රතිශතයක් වාර්තා වන්නේ වයස අවුරුදු 60 ට වැඩි අය බව Covid-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිකුත් කල නිවේදනයක සඳහන්.
Featured Image Source – Getty Image
Image Source – Getty Image