Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තාවන කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව නැවතත් ඉහළ ගොස් තිබෙනවා.

ඊයේ දිනයේදී ශ්‍රී ලංකාවෙන් සටහන්වූ කොවිඩ් ආසාදිතයන් 755 දෙනා අතුරින් 369 දෙනෙකුම සටහන්වී ඇත්තේ කොළඹින් බවයි Covid-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කලේ.

ගම්පහ 124ක්, කලුතර 80ක්, කුරුණෑගල 29ක්, මහනුවර 23ක්, මාතලේ 22ක්, ගාල්ලේ 18ක් සහ මාතර 17ක් ලෙස ඊයේ ආසාදි තයන් වාර්තා වුණා.

මුලතිවු 15ක්, අම්පාරේ 15ක්, අනුරාධපුර 14ක්, යාපනයේ 06ක්, පොළොන්නරුවේ 06ක්, පුත්තලමේ 05ක් සහ නුවරඑළියේ 02ක් ද ඊට අයත්.

වවුනියාව, හම්බන්තොට, මඩකලපුව දිස්ත්‍රික්වලින් ඊයේ වාර්තා වී ඇත්තේ එක් ආසාදිතයා බැගිනුයි.

විදේශයන්ගෙන් පැමිණි 07 දෙනෙකුද ඊයේ ආසාදිතයන් අතර වුණා.

මේ අතර ඊයේ දිනයේ කොවිඩ් ආසාදිත එක් මරණයක් වාර්තා වූ අතර එම මරණයත් සමඟ මෙරට කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් මියගිය ගණන 288ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *