Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ඊයේ (30) දිනයේ දිස්ත්‍රික්ක මට්ටමින් කොවිඩ් ආසාදිතයින් වාර්තාවීම අනුව වැඩිම ආසාදිතයින් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනුයි.

එම දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 608ක් වාර්තා වී ඇති අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් 547 දෙනෙක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් 447 ක් වාර්තා වී තිබෙනවා.

මේ අනුව වැඩිම ආසාදිතයින් පිරිසක් හඳුනාගෙන ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර මන්නාරම දිස්ත්‍රික්කයෙන් අඩුම ආසාදිතයින් ගණනක් වාර්තා වී තිබෙනවා.

මේ අතර ශ්‍රී ලංකාවේ කෝවිඩ් -19 ආසාදිත මරණ සංඛ්‍යාව 1,441 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොවිඩ් මරණ 36ක් ඊයේ(30) තහවුරු කිරීමත් සමඟ ය.

මේ අතර වාර්තා වූ කොවිඩ් රෝගීන් ගණන 2849කි.

මේ අනුව මෙරටින් හමුවූ සමස්ත කොවිඩ් රෝගීන් ගණන 182779ක් දක්වා ඉහළ යයි.දැනට ප්‍රතිකාර ලබන කොවිඩ් රෝගීන් ගණන 31549කි.

ඊයේ දිනයේ වාර්තා වූ කොරෝනා මරණයන්ගේ විස්තර පහතින්,

No photo description available.

No photo description available.

No photo description available.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *