Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට ඊයේ (05) හඳුනා ගත් පුද්ගලයින් තිදෙනෙකුට වෛරසය ආසාදනය වී නැතැයි තහවුරු වී තිබෙනවා.

සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ රාජගිරිය සහ කොළාන්නාව යන ප්‍රදේශවලින් හඳුනාගත් පුද්ගලයින් දෙදෙනාට සහ ජාතික රෝහලේ හෙද නිලධාරිනියට වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී ඇති බවයි.

ඔවුුන් සම්බන්ධයෙන් සිදුකල පරීක්ෂණ වලින් ඒ පිළිබඳ අණාවරන වූ බවයි අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ.

අද(06) පස්වරුවේ කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළා.

ඊයේ දිනයේ දී රාජගිරිය, කොළොන්නාව යන ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙකු සහ ජාතික රෝහලේ හෙද නිලධාරිනියට කොවිඩ් -19 වෛරසය ආසාදිතයින් ලෙස හඳුනා ගනු ලැබු නමුත් ඔවුන් තිදෙනා ඌන ආසාදිතයින් ලෙස අද වන විට තහවුරු වී ඇති බවයි ඒ මහතා කියා සිටියේ.

කෙසේ වෙතත් අවසන් වරට සිදුකළ පරීක්ෂණ අනුව මෙම පුද්ගලයින් තිදෙනාට ආසාදන තත්ත්වයක් නොමැති බව පසුව තහවුරු වී ඇති අතර මෙම තිදෙනාගේ නම් ආසාදිත ලේඛනයෙන් ඉවත් කළ බවයි වෛද්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *