ඊයේ (23) දිනය තුළ මෙරටින් කොරෝනා ආසාදිතයින් 492 දෙනෙකු හඳුනාගෙන තිබේ.
ඒ අතරින් වැඩි ම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. ඒ 103 දෙනෙකි.
තව ද ගම්පහ දිස්ත්‍රික්කයෙන් 88 දෙනෙක් සහ අම්පාර දිස්ත්‍රික්කයෙන් 53 දෙනෙක් වශයෙන් ආසාදිතයින් හඳුනාගෙන ඇත.
ඉතිරි ආසාදිතයින් 248 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින් වාර්තා වී තිබේ.
ඒ අනුව, මෙරට කොරෝනා දෙවන රැල්ලට අදාළ ආසාදිතයින් සංඛ්‍යාව 76,905ක් වන අතර සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 81,009 දක්වා ඉහළ ගොස් ඇත.
මේ අතර, ඊයේ දිනය තුළ මෙරටින් කොරෝනා මරණ 3ක් වාර්තා වී තිබේ.
ඒ අනුව, මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 453ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කළේ ය.