Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ඊයේ (08) මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 1,896 දෙනා අතරින් වැඩිම සංඛ්‍යාව බස්නාහිර පළාතෙන් වාර්තා වී තිබෙනවා.

ඒ අනුව බස්නාහිර පළාතෙන් ඊයේ හඳුනාගත් ආසාදිතයින් සංඛ්‍යාව 1,116ක් වන බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කලේ.

එසේම, මෙරටින් දිනකදී වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාවද ඊයේ වාර්තා වූ අතර, එම සංඛ්‍යාව 22කි.ඉන් 19 දෙනෙකුම මියගොස් තිබුණේ කොවිඩ් නිව්මෝනියාවෙනි.

ඒ සමඟ මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 786ක් ලෙස ඉහල යයි.

ඊයේ හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම පිරිස වූ 411ක් වාර්තා වූයේ කොළඹ දිස්ත්‍රික්කයෙනි.

ඒ අතර නාරාහේන්පිටින් හඳුනාගත් ආසාදිතයින් 60 දෙනෙකු සහ පිලියන්දලින් හඳුනාගත් ආසාදිතයින් 43 දෙනෙකුද වනවා.

කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 358 දෙනෙකු වාර්තා වූ අතර ඉන් 88 දෙනෙකු හඳුනා ගත්තේ පානදුර දකුණ පොලිස් බල ප්‍රදේශයෙන්.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 347 දෙනෙකු වාර්තා වී තිබුණා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *