Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ඊයේ දිනයේදී නව ආසාධිතයන් 286 දෙනෙකු හඳුනාගැනීමත් සමග මෙරට සමස්ත කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 88,238 ක් දක්වා ඉහළ ගියා.

ඔවුන්ගෙන් 250 දෙනෙකු පෑලියගොඩ කොරෝනා පොකුරේ ආසාධිතයින්ගේ ආශ්‍රිතයන් වන අතර තවත් 24 ක් බන්ධනාගාර ආශ්‍රිතව හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරේ ආසාධිතයන් ගණන 84,020 ක් දක්වා ඉහළ ගියා.

මේ අතර විදේශයන්හි සිට පැමිණි 12 දෙනෙකුද ඊයේ කොරෝනා ආසාධිතයන් ලෙස හඳුනා ගැනුණා.

මේ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාධිතයින් අතරින් 2619 ක් මේ වන විට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථාන කිහිපයක ප්‍රතිකාර ලබමින් සිටින අතර සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 85,371 ක්.

මේ අතර ඊයේ දිනයේදී තවත් කොරෝනා ආසාධිත මරණ 2 ක් වාර්තාවීමත් සමග මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 534ක් දක්වා ඉහළ ගියා.

ඔවුන් පිළිබඳ සම්පූර්ණ විස්තරය පහළින්

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *