ඊයේ (20) දිනයේත් කොළඹ දිස්ත්රික්කයෙන් කොවිඩ් ආසාදිතයින් 160 දෙනෙක් වර්තා වූ බව කොවිඩ් 19 පැතිරීම වැලැක්වීම පිළිබඳ ජාතික ක්රියාන්විත ඒකකය සඳහන් කලා. එමෙන්ම ගම්පහ දිස්ත්රික්කයෙන් ආසාදිතයින් 71ක් හා කළුතර දිස්ත්රික්කයෙන් ආසාදිතයින් 21ක් ද හඳුනාගෙන තිබෙනවා..

ඊයේ දිනයේදී මෙටටින් හඳුනාගත් සම්පූර්ණ ආසාදිතයින් ගණන 439ක් වන අතර අද උදෑසන වන විට මිනුවන්ගොඩ පොකුරෙන් සහ පෑලියගොඩ පොකුරෙන් වාර්තා වූ සමස්ත ආසාදිතයින් ගණන 15,761 බවට පත් විය. ඉන් පුද්ගලයන් 9,905 දෙනෙකු පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.
ඊයේ දිනය වන විට මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන 19,279කි. ඉන් 5,935ක් තවමත් රෝහල් වල ප්රතිකාර ලබමින් සිටී.
ඊයේ දිනයේ තවත් කොවිඩ් මරණයක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මර්ණ ගණන 74ක් දක්වා ඉහළ ගොස් ඇත.
ඊයේ දිනයේදී මෙරට සිදු කර ඇති සමස්ත පී.සී.ආර්. පරීක්ෂණ ගණන 11,398කි.