Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ඊයේ දිනයේදී මෙරටින් නව ආසාධිතයින් 370 දෙනෙකු හඳුනාගැනීමත් සමග මෙරට සමස්ත කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 37,631 ක් දක්වා ඉහළ ගියා.

ඔවුන්ගෙන් 364 දෙදෙනෙකු පෑලියගොඩ කොරෝනා පොකුරේ ආසාධිතයන්ගේ ආශ්‍රිතයන් වනවා.

ඒ අනුව මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරේ ආසාධිතයන් ගණන 33,954 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර විදේශයන්හි සිට පැමිණි 06 දෙනෙකුද ඊයේ වෛරස ආසාධිතයන් ලෙස හඳුනාගෙන තිබෙනවා.

මේ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාධිතයින් අතරින් 8779 ක් මේ වන විට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථාන කිහිපයක ප්‍රතිකාර ලබමින් සිටින අතර සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 28,682 ක්.

මේ අතර තවත් කොරෝනා මරණ 5ක් සිදු වී ඇති බව අද උදෑසනින්ම රජය නිවේදනය කරනවා.

ඒ අනුව මෙරට සිදුව ඇති සමස්ත කොරෝනා මරණ ගණන 181ක්.

මියගිය පුද්ගලයින්ගේ තොරතුරු පහතින්

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *