Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ඊයේ (25) තවත් කොවිඩ් ආසාදිතයින් 551ක් හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ සවස් වරුවේ හඳුනාගත් ආසාදිතයින් 461 දෙනා සහ රාත්‍රියේ වාර්තා වූ ආසාදිතයින් 90 සමගිනි.

ඒ සමගින් පසුගිය ජනවාරි මස සිට මේ දක්වා මෙරටින් කොවිඩ් ආසාදිතයින් 39,782ක් හඳුනාගෙන තිබේ.

සුවය ලැබූ ගණන 31,339ක් වන අතර මේවන විට කොවිඩ් ආසාදිතයින් 8,258 දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබති.

මේ අතර ඊයේ දිනයේදී (25) කොවිඩ් ආසාදිත තවත් එක් මරණයක් සිදුව ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. 

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 186 දක්වා ඉහළ ගොස් තිබේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ අක්කරෙයිපත්තු ප්‍රදේශයේ පදිංචිව සිටි 54 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.

අක්කරෙයිපත්තු මුලික රෝහලට සිට කොවිඩ් 19 ආසාදිතයෙකු ලෙස හඳුනාගැනීමෙන් පසුව මඩකලපුව ශික්ෂණ රෝහලට මාරු කර යවා ඇති අතර එහිදි එම පුද්ගලයා ඊයේ (24) මිය ගොස් ඇත.

මරණයට හේතු වී ඇත්තේ කොවිඩ් 19 ආසාදනය නිසා ඇති වු උග්‍ර හෘද ආසාදනයකි.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි පුවත්