Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ඊයේ දිනයේ කොළඹ, ගම්පහ මහනුවරින් 100 ඉක්මවු කොවිඩ් ආසාදිතයින් වාර්තා වී ඇති බව කොවිඩ්19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළා.

මේ දක්වා කාලය තුළ මහනුවර දිස්ත්‍රික්කයෙන් මේ දක්වා කාලය තුළ කොරෝනා ආසාදිතයන් 2,137ක්, රත්නපුරෙන් ආසාදිතයන් 1,080ක්, ගාල්ලෙන් ආසාදිතයින් 1,150ක් ලෙස වාර්තා වී තිබෙනවා.

එමෙන්ම දැනට බස්නාහිර පළාතෙන් පමණක් මේ දක්වා කාලය තුළ වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 37,317ක් වාර්තා වෙනවා.

ඒ අනුව ඊයේ දිනය තුල කොරෝනා ආසාදිතයින් වාර්තා වූ දිස්ත්‍රික්ක,

  • කොළඹ 197
  • ගම්පහ 106
  • මහනුවර 110
  • කුරුණෑගල 40
  • ගාල්ල 38
  • රත්නපුර 31
  • කලුතර 28
  • මාතලේ 27
  • කෑගල්ල 24
  • මාතර 22
  • පුත්තලම 21
  • මන්නාරම 15
  • අම්පාර 13
  • හම්බන්තොට 12
  • වව්නියාව 09
  • පොළොන්නරුව 07
  • නුවරඑළිය 07
  • යාපනය 04
  • බදුල්ල 04
  • ත්‍රිකුණාමලය 03
  • මොණරාගල 02
  • අනුරාධපුර 01
  • කිළිනොච්චි 01
  • මුලතිවු 01
  • මඩකලපුව 01

මේ අතර ඊයේ දිනය තුල තවත් කොරෝනා මරණ දෙකක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව මෙරටින් වාර්තාවන සමස්ත මරණ සංඛ්‍යාව 280ක් දක්වා ඉහළ යනවා.

මෙලස මියගොස් ඇත්තේ 69 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ 82 හැවිරිදි කාන්තාවක්.

ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි පිරිමි පුද්ගලයා කොළඹ පෞද්ගලික රෝහලක සිට කොරෝනා ආසාදිතයෙකු ලෙසට හඳුනා ගැනීමෙන් පසු හෝමාගම මූලික රෝහලට මාරුකර යවා තිබුණා.

එහිදී ඊයේ මියගොස් ඇති මෙම පුද්ගලයාගේ මරණයට හේතුව ලෙසට දැක්වෙන්නේ කොවිඩ් නිව්මෝනියාව සහ වකුගඩු ආසාදනයයි.

මියගිය කාන්තාව රනාල ප්‍රදේශයේ පදිංචිකාරියක්.

ඇය කොවිඩ් 19කොරෝනා ආසාදිතයෙකු ලෙසට හඳුනා ගැනීමෙන් පසු කොළඹ ජාතික රෝහලේ සිට හෝමාගම මූලික රෝහලට මාරුකර යවා තිබෙනවා.

එහිදී ඊයේ මියගොස් ඇති අතර ඇයගේ මරණයට හේතුව ලෙසට දක්වා ඇත්තේ කොවිඩ් නිව්මෝනියාව සහ වකුගඩු රෝගී තත්වයයි.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි පුවත්