ඊයේ (20) දිනය තුළ මෙරටින් කොරෝනා ආසාදිතයින් 543 දෙනෙකු හඳුනාගෙන තිබේ.
ඒ අතරින් වැඩි ම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. ඒ 180 දෙනෙකි.
තව ද ගම්පහ දිස්ත්‍රික්කයෙන් 116 දෙනෙක්, රත්නපුර සහ පුත්තලම දිස්ත්‍රික්කවලින් 39 දෙනා බැගින් ද ආසාදිතයින් හඳුනාගෙන ඇත.
ඉතිරි ආසාදිතයින් 154 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින් වාර්තා වී තිබේ.
මේ අතර ඊයේ වාර්තා වූ ආසාදිතයින් අතරින් 15 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි පුද්ගලයන් ය.
ඒ අනුව, මෙරට කොරෝනා දෙවන රැල්ලට අදාළ ආසාදිතයින් සංඛ්‍යාව 75,405ක් වන අතර සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 79,480 දක්වා ඉහළ ගොස් ඇත.
මේ අතර, ඊයේ දිනය තුළ මෙරටින් කොරෝනා මරණ 2ක් වාර්තා වී තිබේ.
ඒ අනුව, මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 435ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කළේ ය.
