Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ඊයේ (19) දිනය තුළ මෙරටින් කොරෝනා ආසාදිතයින් 618 දෙනෙකු වාර්තා වී තිබේ.

ඔවුන් සියල්ල පෑලියගොඩ කොරෝනා පොකුරෙහි ආසාදිතයින් වේ.

ඒ අනුව, කොරෝනා දෙවන රැල්ලට අදාළ ආසාදිතයින් ගණන 32,998ක් වන අතර ඒ සමග මෙරට සමස්ත ආසාදිතයන් ගණන 36,667ක් දක්වා ඉහළ ගොස් ඇත.

මේ අතර ඊයේ දින මෙරටින් කොරෝනා මරණ 6 ක් වාර්තා විය.

වයස අවුරුදු 39, 88, 83 වන කාන්තාවන් තිදෙනෙක් සහ වයස අවුරුදු 68, 77, 76 වන පිරිමි පුද්ගලයින් තිදෙනෙක් ඒ අතර සිටී.

ඒ අනුව, මෙරට සමස්ත කොරෝනා මරණ ගණන 171ක් දක්වා ඉහළ ගිය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළේය.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *