Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

මෙරට සමස්ත කොරෝනා ආසාධිතයන් සංඛ්‍යාව 117,529 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ ඊයේ (05) දිනයේදී නව ආසාධිතයන් 1939 දෙනෙකු හඳුනාගැනීමත් සමගයි.

ඔවුන්ගෙන් 1,897 දෙනෙකු අලුත් අවුරුදු කොරෝනා පොකුරේ ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති අතර විදේශයන්ගේ සිට පැමිණි 42 දෙනෙකුද ඊයේ (05) ආසාධිතයන් ලෙස හඳුනාගැනුණා.

මේ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාධිතයන් අතරින් 16,734 ක් රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින අතර සුවය ලබා රෝහල් වලින් පිටව ගිය සංඛ්‍යාව 100,075 ක්.

මේ අතර පෙරේදා (04) දිනයේදී තවත් කොරෝනා ආසාධිත මරණ 11 ක් සිදුවී ඇති අතර ඒ සමඟ මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 720 ක් දක්වා ඉහළ ගියා. ඊට අදාල නිවේදනය නිකුත් කරන ලද්දේ ඊයේ (05) පස්වරුවේදීයි.

මේ අතර ඊයේ (05) දිනය තුල වාර්තා වූ කොරෝනා මරණ 14ක් පිළිබඳ නිවේදනය මධ්‍යම රාත්‍රියේ නිකුත් කොට තිබුනා. ඒ අනුව ඊයේ (05) දිනය තුලදී සමස්ත මරණ 25ක් වාර්තා වූ අතර මෙරටින් වාර්තා වූ කොරෝනා මරණයන්ගේ එකතුව ඒ අනුව 734 දක්වා ඉහළ ගියා.

මේ අතර ඊයේ දිනයේදී කොරෝනා ආසාදිතව සිටි ගැබිනි කාන්තාවක් ද මරණයට පත්වුනා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *