Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

නවවැනි පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය ආරම්භ කළ ඊයේ (18) දිනයේදී පාර්ලිමේන්තුවේදී කරන ලද ක්ෂණික ප්‍රතිදේහ ජනක පරික්ෂණවලින් සිව්දෙනකු කොවිඩ් ආසාදිත බවට තහවුරු වී ඇති බව වාර්තා වේ.

ඒ අතර පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සාමාජිකයකු, නර්තන කණ්ඩායමේ සාමාජිකයකු, පාර්ලිමේන්තු මාධ්‍යවේදියකු මෙන්ම පාර්ලිමේන්තු සංකීර්ණය වෙත පැමිණි තවත් අයකු සිටින බවද පාර්ලිමේන්තු ප්‍රධානිවරයෙකු සඳහන් කළේය.

පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ආරම්භ කිරීම වෙනුවෙන් පාර්ලිමේන්තු සංකීර්ණය වෙත පැමිණි ආරක්ෂක අංශ, පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය, නර්තන කණ්ඩායම්, මාධ්‍යවේදීන් ඇතුළු පිරිස වෙනුවෙන් මෙම ක්ෂණික ප්‍රතිදේහ පරික්ෂණ වැඩසටහන පාර්ලිමේන්තුව විසින් සංවිධානය කර තිබේ.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published.