Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ඊයේ (27) දිනය තුළ මෙරටින් කොරෝනා ආසාදිතයින් 460 දෙනෙකු හඳුනාගෙන තිබේ.

ඒ අතරින් වැඩි ම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වන්නේ රත්නපුර දිස්ත්‍රික්කයෙනි. ඒ 62 දෙනෙකි.

තව ද යාපනය දිස්ත්‍රික්කයෙන් 59 දෙනෙක් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් 51 දෙනෙක් වශයෙන් ආසාදිතයින් හඳුනාගෙන ඇත.

ඉතිරි ආසාදිතයින් 253 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින් වාර්තා වී තිබේ.

මේ අතර ඊයේ වාර්තා වූ ආසාදිතයින් අතරින් 35 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි පුද්ගලයන් ය.

ඒ අනුව, මෙරට කොරෝනා දෙවන රැල්ලට අදාළ ආසාදිතයින් සංඛ්‍යාව 78,739ක් වන අතර සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 82,890 දක්වා ඉහළ ගොස් ඇත.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *