Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ඊයේ (01) දිනය තුල දී කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් තවත් මරණ 9ක් මෙරටින් වාර්තා වී තිබෙනවා.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 687ක් දක්වා ඉහළ ගොස් තිබේ.

කරඳන ප්‍රදේශයේ පදිංචිව සිටි 65 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 72 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, රුවන්වැල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 75 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, දේවාලගම ප්‍රදේශයේ පදිංචිව සිටි 66 හැවිරිදි කාන්තාවක්, මාවනැල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 79 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, යක්විල ප්‍රදේශයේ පදිංචිව සිටි 33 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, වලපනේ ප්‍රදේශයේ පදිංචිව සිටි 57 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, රත්නපුර ප්‍රදේශයේ පදිංචිව සිටි 68 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 69 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්  එලෙස මියගොස් ඇත.

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් මෙරටින් 1699 දෙනෙකුත්, විදේශයන්හි සිට පැමිණි රෝගීන් 17දෙනකුත් ඊයේ (01) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනූව කොරෝනා ආසාදිත මුළු රෝගීන් ගණන 1716 කි. එය මේ දක්වා දිනක් තුළ මෙරටින් වාර්තා වු වැඩිම කොවිඩ්-19 ආසාදිතයින් ගණන වේ.

ඊයේ දිනයේ දී ආසාදිතයින් 503ක් සුවය ලැබීමත් සමඟ සුවය ලැබු සමස්තය 96,478ක් වේ.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *