Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ශ්‍රී ලංකාවෙන් ඊයේ වාර්තාවූ Covid-19 ආසාදිතයින් 428 දෙනා අතුරින් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ කලුතර දිස්ත්‍රික්කයෙන් බව Covid-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

එම සංඛ්‍යාව 193 ක්. ඉන් 162 දෙනෙකු අටුලුගම ගම්මානයෙනුයි.

කොළඹින් ඊයේ වාර්තා වූ ආසාදිතයින් ගණන 101 ක්.

ඉන් 42 දෙනෙකු බොරැල්ල ප්‍රදේශයෙන් වනවා.

එමෙනම් ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඊයේ වාර්තා වී ඇත්තේ ආසාදිතයින් 03 දෙනෙකු පමණයි.

ත්‍රිකුණාමලයෙන් ඊයේ වාර්තාවී ඇති ආසාදිතයින් ගණන 42 ක්. ඉන් 12 දෙනෙකු මුතූර් පොලිස් ස්ථානයේ නිළධාරීන් වනවා.

රත්නපුර 23 ක්, නුවරඑළියේ 15 ක්, ගාල්ලේ සහ මාතර 11 දෙනා බැගින් කුරුණෑගල 07 ක්, අම්පාරේ 05 දෙනෙකු ඊයේ ආසාදිතයින් අතර වනවා.

හම්බන්තොට 04 දෙනෙකු ද ඊයේ ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබෙනවා.

මුලතිවු දිස්ත්‍රික්කයෙන්ද 03 දෙනෙකු සටහන් වුණා. කිළිනොච්චි, පුත්තලම, මඩකලපුව දිස්ත්‍රික්වලින් දෙදෙනා බැගින්ද මහනුවර, යාපනය හා අනුරාධපුර දිස්ත්‍රික්වලින් එක් අයෙකු බැගින්ද වාර්තා වුණා.

අනෙක් තැනැත්තා විදේශයන් හි සිට පැමිණි අයෙකුයි.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *