Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ඊයේ (ජුනි 7) දිනය තුළ මෙරටින් කොරෝනා ආසාදිතයින් 2,646 දෙනෙකු හඳුනාගෙන තිබේ.

ඒ අතරින් පුද්ගලයන් 36 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයන් වේ.

මෙරටින් හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩි ම ආසාදිතයින් ගණනක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙනි.

එම සංඛ්‍යාව 444කි.තව ද කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 414 දෙනෙකු සහ රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 392 දෙනෙකු හඳුනාගෙන ඇත.

මේ අතර කොවිඩ් රෝගීන් 30,145 දෙනෙකු මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින අතර සුවය ලබා රෝහල්වලින් පිට වූ රෝගීන් සංඛ්‍යාව 176,045කි.

මේ වන විට මෙරට වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයන් ගණන 207,979ක් වේ.

දිවයිනේ ආසාදිතයන් වාර්තා වූ ප්‍රදේශ පහත සටහන්හි දැක්වේ.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *