Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ඊයේ (අප්‍රේල් 17) දිනය තුළ මෙරටින් කොරෝනා ආසාදිතයින් 253 දෙනෙකු හඳුනාගෙන තිබේ.

ඒ අතරින් වැඩි ම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. ඒ, 57 දෙනෙකි.

තව ද කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් 33 දෙනෙක් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් 22 දෙනෙක් වශයෙන් ආසාදිතයින් හඳුනාගෙන ඇත.

මේ අතර ඊයේ වාර්තා වූ ආසාදිතයින් අතරින් 49 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි පුද්ගලයන් ය.

ඒ අනුව, මෙරට කොරෝනා දෙවන රැල්ලට අදාළ ආසාදිතයින් සංඛ්‍යාව 91,056ක් වන අතර සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 96,439 දක්වා ඉහළ ගොස් ඇත.

මේ අතර, ඊයේ දිනය තුළ මෙරටින් කොරෝනා මරණ 2ක් වාර්තා වී තිබේ.

ඒ අනුව, මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 617ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළේ ය.

May be an image of text
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *