Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ශ්‍රී ලංකාවෙන් ඊයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයන් 496 දෙනා අතුරින් 167 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා.

ඉන් 78 දෙනෙකු කොළඹ මහ නගර සභාවෙන් වන අතර 44 දෙනෙකු අලුත්කඬේ ප්‍රදේශයෙන් වනවා.

ගම්පහ – 56
පුත්තලම – 53
කුරුණෑගල – 09 දෙනෙකු
කලුතර – 08
රත්නපුර – 08
මහනුවර – 06
කෑගල්ල – 05
අම්පාර – 05
නුවරඑළිය – 04
මන්නාරම – 04
බදුල්ල – 03
ගාල්ල – 03
අනුරාධපුර – 02
පොළොන්නරුව – 02
මාතලේ – 01
හම්බන්තොට – 01

විවිධ ප්‍රදේශවලින් ඊයේ දිනයේදී තවත් ආසාධිතයන් 159 දෙනෙකුද සටහන්වී ඇති බවයි කොවිඞ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ.

මේ අතර මෙරට කොරෝනා වෛරස් ආසාධිතයන් අතුරින් තවත් 558 දෙනෙකු සුවය ලබා තිබෙනවා.

ඒ අනුව සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 17,560 දක්වා ඉහළ යනු ඇති.

දැනට මෙරට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 5,808 ක්.

ගතවූ පැය 24 තුළ ශ්‍රී ලංකාවෙන් ආසාධිතයන් 496 දෙනෙකු වාර්තා වුණා.

ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 23,484 ක්.

මිනුවන්ගොඩ – පෑලියගොඩ කොවිඞ් පොකුර පවතින්නේ 19,946 ක් ලෙසයි.

මෙරට සිටින සැක සහිත රෝගීන් ගණන 545 ක්. ශ්‍රී ලංකාවෙන් දැනට කොවිඞ් මරණ 116 ක් වාර්තා වී තිබෙනවා.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *