Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ජපානයේ බොහෝ ප්‍රදේශවලට පහර දීමේ හැකියාව සතු නව දිගු දුර නැව් මිසයිලයක් උතුරු කොරියාව විසින් අත් හදා බලා ඇති බව එරට රාජ්‍ය මාධ්‍යය වාර්තා කර සිටියි.

KCNA (Korean Central News Agency) පුවත් ඒජන්සිය සඳහන් කරනුයේ සති අන්තයේ සිදු කර ඇති පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත්තේ මෙම නැව් මිසයිලය කි.මී.1500 ( සැතපුම් 930ක් ) දුරට ගමන් කළ හැකි බවයි.

කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය පවසන්නේ උතුරු කොරියාව දැඩි ආහාර අර්බුදයක සහ ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් සිටියත් තවමත් ආයුධ නිපදවීමේ හැකියාව උතුරු කොරියාව සතු බවයි.

මේ පිළිබඳව ප්‍රකාශයක් නිකුත් කරමින් ඇමරිකානු හමුදාව සඳහන් කර ඇත්තේ මෙම නව නැව් මිසයිල අත් හදා බැලීම අසල්වැසි රටවලට තර්ජනයක් වන බවයි.

මෙම තත්ත්වය නොසළකා හැරීම නොකළ යුතු බව ද ජපානය ප්‍රකාශ කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කෙසේ වෙතත් මිසයිල යනු ඉතා වැදගත් උපාය මාර්ගික ආයුධයක් බව KCNA පුවත් ඒජන්සිය වැඩිදුරටත් සඳහන් කර සිටියි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *