Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

උතුරු කොරියාවට ලබාදුන් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා මිලියන තුනකට ආසන්න ප්‍රමාණයක් ආපසු හරවා යවමින් උතුරු කොරියාව එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා ඇත්තේ එන්නත් හිඟය හේතුවෙන් පීඩාවට පත් ජනතාව වෙත ඒවා ලබා දෙන ලෙසයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරන පරිදි උතුරු කොරියාවෙන් කිසිඳු ආසාදිතයකු අගෝස්තු 19 වනදා තෙක් හමු වී නැත.

උණ වැනි අසනීප වලින් පෙළෙන සෞඛ්‍ය සේවකයින් 37,291 කට පමණ පිරිසකට කොවිඩ් පරීක්ෂණය සිදු කළ ඇති අතර ඉන් කිසිඳු ආසාදිතයකු හමු නොවූ බවයි.

උතුරු කොරියාව දැඩි ආරක්ෂණ ක්‍රමවේදයක් අනුගමනය කරන අතර පසුගිය වසරේ ජනවාරි මාසයේ සිට එරට දේශ සීමා වසා දමා ඇත.

මීට පෙර ද උතුරු කොරියාව විසින් ඇස්ට්‍රසෙනෙකා එන්නත් තොගයක් ප්‍රතික්ෂේප කර ඇත්තේ ඉන් ඇතිවන අතුරු ආබාධ පිළිබඳව සිය රජය සැළකිලිමත් වන බව පවසමිනි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *