Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කොරොනා වෛරසය ආසාදනයෙන් වැළකීමට හැකි වනු ඇතැයි විශ්වාසයෙන් කෑගල්ලේ ‘ධම්මික පැණිය’ තමා සහ බිරිඳ ඇතුළු දරුවන් හතර දෙනා පානය කළ බව කෑගල්ල ‍ප‍්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රී ශිලන්ත විජේපාල මහතා පවසනවා.

නමුත් තමන් ඇතුළු මුළු පවුලටම කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් මේ වන විට තමා සහ බිරිඳ ඇතුළු දරුවන් ඇඹිලිපිටියේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයේ සිටින බවද ඔහු සඳහන් කරනවා.

එම පැනය පාණිය කළ තම සහෝදරයා ඇතුළු ඥාතීන් හා හිතවතුන් සැලකිය යුතු පිරිසකට ද කොරෝනා වෛරසය ආසාදන වී ප්‍රතිකාර ලබන පසුවන බවද මන්ත්‍රීවරයා පැවසුවා.

පැණිය පානය කළ තම සහෝදරයාටද එම වෛරසය ආසාදනය වූ බව ඊයේ තහවුරු වූයේ යැයි ද තවදුරටත් කියා සිටියා.

තමන් සහ තම පවුලේ සියලු දෙනා නියමිත පරිදි දින දෙකක් නියමිත මාත්‍රාවට පැණිය පානය කළ බවද පැවසූ ඔහු එම කාලයේ දී මස් මාළු බිත්තර කෑමෙන් වැළකුණ බවත් වත්පිළිවෙත් අකුරටම රැක්ක බවත් ඔහු සඳහන් කළා.

පැණි බොන කාලයේ කළ යුතු උපදෙස් මාලාවක් ලැබී තිබුණු බවත් එය ඒ ආකාරයටම ඉටු කළ බවත් ඔහු සදහන් කරනවා.

මෙම පැණිය මුල් කොරෝනා සදහා සාර්ථක වේවා යැයි තමන් මුලදී පැතුව ද නමුත් මෙය කොරෝනා සදහා සාර්ථක ප්‍රතිකාරයක් නොවන බව දැන් පැහැදිලි ය යි ද ඔහු කියා සිටියා.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *