උල්කාපාත වර්ෂාවක් අද සහ හෙට ජනතාවට දැකබලාගැනීමට අවස්ථාව පවතිනවා.
මෙය ඉතාමත් දර්ශනීය ආකාරයට දැකගත හැකි අතර, උල්කාපාත වර්ෂාවන්හි රජ දැක්ම ලෙසද බොහෝ පිරිස් එය හඳුන්වනවා.
ඒ අනුව පැයකට කඩාවැටෙන උල්කා සංඛ්‍යාව 150ක් පමණ වනු ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළා.
ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ තාරකා විද්‍යාඥ ජනක අඩස්සූරිය සඳහන් කළේ අද රාත්‍රි දොලහෙන් පසු මෙම උල්කා වර්ෂාව රාත්‍රි අහසේ දක්නට ලැබෙන බවයි.
එය හෙට සහ අනිද්දා දිනයේද නිරීක්ෂණය කළ හැකි වනවා
1 Comment